ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පළමු එක්දින තරඟය අද

Share

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (14) මුම්බායිහීදි පැවැත්වීමට නියමිතයි.

 

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වෙයි.

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද ඉන්දියාවේ මුම්බායිහී පිහිටි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

දෙරට අතර එක්දින තරඟ 137ක් පවත්වා ඇති අතර ඉන් තරඟ 50ක් ඉන්දියාව ජයගෙන ඇති අතර ඕස්ට්‍රේලියාව තරඟ 77ක් ජයගෙන තිබේ.

Read more

Local News