හෙරොයින් ජාවාරම්කරුවෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Share

හෙරොයින් ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

 

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් එම නියෝගය ලබා දී තිබේ.

කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇත.

අදාල විත්තිකරු 2010 වසරේදී හෙරොයින් ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමඟ කිරුලපන ප්‍රදේශයේ දී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන බවයි මහාධිකරණ විනිසුරුවරයා නිවේදනය කර ඇත්තේ.

Read more

Local News