ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Share

සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

 

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15 දෙනෙකු ඇතුළත් ‌වෙයි.

සිම්බාබ්වේ තරගාවලිය සඳහා අසිත ප්‍රනාන්දු වෙනුවට අත්දැකීම් බහුල වේග පන්දු යවන්නෙකු වන සුරංග ලක්මාල් නම් කර ඇත.

කුසල් ජනිත් පෙරේරා මෙම සංචිතයට ඇතුළත් කර ‌නොමැත‍.

ඒ අනුව දෙරට අතර පළමු තරඟය ජනවාරි 19 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 27 සිට ජනවාරි 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Read more

Local News