බුලත්කොහුපිටි‌යේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගල‌යෙකු ඝාතනය කරයි

Share

බුලත්කොහුපිටිය ‍පොලිස් වසමේ ඉහළ උඩුව, නාහේන ප්‍රදේශයේ දී ඊයේ (15) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

 

පහර දීම හේතුවෙන් බරපතළ ලැබු පුද්ගලයා උඩුගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට බුලත්කොහුපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය පුද්ගලයා නාහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45 ක් වු නාහේන ප්‍රදේශයේ අයෙකි.

මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා අතර ඇති වු ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News