රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කළ යුතුයි

Share

මහර මාවරමණ්ඩිය ප්‍රෙද්ශයේ වසර 25ක් පුරන්ව පැවති වගා භූමියක් ප්‍රෙද්ශයේ තරුණ ස්වාමීන් වහන්සේලා සහ ගම්වාසීන් එක්ව අස්වැද්දවීම ඊයේ සිදුකෙරුණි.

 

මහර මාවරමණ්ඩිය ප්‍රියංකර මාවත ප්‍රෙද්ශයේ වසර 25ක් පුරන්ව පැවති අක්කර 20 භූමියක් ප්‍රෙද්ශයේ තරුණ ස්වාමීන් වහන්සේලා සහ ගම්වාසීන් එක්ව අස්වැද්දවීම ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

එහිදී අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ අතීතයේ මෙන් නැවත රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීම අවශ්‍ය බවයි.

අද රටේ තරුණ පරම්පරාව හා ස්වාමීන් වහන්සේලා පෙරට විත් මෙම කාර්ය අතට ගෙන තිබීම අතිශය සතුටට පත් විය හැකි කාර්යක් බවත් ජනාධිපතිවරයාගේ සංකල්පය මේ ආකාරයෙන් රට පුරා ව්‍යාප්ත වනු දැකීම අවශ්‍ය බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News