හැරී-මේගන් යුවලට රාජකීය තනතුරු නෑ

Share

හැරී සහ මේගන් යුවළ මින් ඉදිරියට රාජකීය තනතුරු භාවිත නොකරන බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.

 

රාජකාරී කටයුතු ඉටුකිරීම වෙනුවෙන් ලබාදෙන පොදු අරමුදල් ද ඔවුන් දෙපළට නොලැබෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

තමන් යුවළ රාජකීය තනතුරු අතහැරීමටත් මූල්‍යමය අතින් ස්වාධීන වීමටත් අදහස් කරන බව බ්‍රිතාන්‍යයේ සසෙක්ස්හි ආදිපාද යුවළ එළිසබෙත් රැජිනට දැනුම් දුන්නේ මීට දින කිහිපයකට ඉහතදීයි.

ඒ අනුව ඔවුන් දෙපළ මින් ඉදිරියට මහරැජින නියෝජනය කරමින් කිසිදු නිල උත්සවයකට හෝ අවස්ථාවකට සහභාගි නොවනු ඇති බව සඳහන්.

හැරී-මේගන් යුවළගේ නිවස වන ෆ්‍රොග්මෝර් කොටේජ් ප්‍රතිංස්කරණය කිරීම සඳහා වැයවූ යූරෝ මිලියන දෙකයි දශම හතරක මුදලද ආපසු ගෙවීමට ඔවුන් දෙදෙනා අදහස් කරන බව බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

හැරී-මේගන්-ආචි තිදෙනා තවදුරටත් සිය පවුලේ ආදරණීය සාමාජිකයන් බව පවසන එළිසබෙත් රැජින ඔවුන් තිදෙනාට සාමකාමී ඉදිරි දිවියක් සඳහා ආශිර්වාද එක්කර තිබුණි.

Read more

Local News