පළමු සතොස මෙගා අළෙවි සැළ හෙට විවෘත කෙරේ

Share

සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (5දා) වැලිසර දී විවෘත වේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම වැලිසර මෙගා අළෙවිසැළ විවෘත කරනු ලබයි.

සතොස අළෙවි සැල් ජාලයේ 400 වන අළෙවි සැල ලෙසින් මෙම මෙගා අළෙවි සැල පාරිභෝගික ජනතාවට විවෘත වන අතර අඩුම මිලට හොඳම භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීම සඳහා තවත් මෙවැනි මෙගා අළෙවි සැල් 40 ක් ආරම්භ කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

Read more

Local News