ස්පාඤ්ඤයේ ග්ලෝරියා ප්‍රචණ්ඩ වෙයි – තිදෙනෙක් මරුට

Share

ස්පාඤ්ඤයේ මධ්‍යධරණී වෙරළතීරය ආසන්නයේ පිහිටි වැලෙන්සියා සහ බැලරික් දූපත් ඇතුළු ප්‍රදේශ රැසක් හරහා හමායන ග්ලෝරියා කුණාටුව හේතුවෙන් අදාළ කලාපවල උෂ්ණත්වය දැඩි ලෙස පහළ බැස ති‌බෙන බව වි‌දෙස් වාර්තා පවසයි.

 

ඉන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇතැයිද එරට වාර්තා සඳහන් කළේය.

කුණාටුව පැයට කිලෝමීටර් 115ක පමණ වේගයකින් හමායමින් ඇති බව කාලගුණ වාර්තාවල සඳහන් ‌වෙයි.

මේ සමග තද වැසි සහ අධික හිමපතනයක් ලැබෙමින් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් 30කට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ප්‍රදේශයේ මහාමාර්ග රැසකම වාහන ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර පාසැල් රැසක් වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

Read more

Local News