කොරතොට ජල සම්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යපෘතිය විවෘත වෙයි

Share

වේගයෙන් නාගරීකරණය වන කඩුවෙල ප‍්‍රදේශයට රුපියල් මිලියන 154 ක් වැය කරමින් කෙටි කාලයක් තුළ පානීය නල ජල ව්‍යාපෘතියක් ලබාදීමට හැකි වන බව  නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.

මේ වන විට රටේ ජනගහනයෙන් 45% ට පානීය නල ජල පහසුව හිමිව තිබෙන අතර ඉදිරි වසර දෙක තුළ තවත්  15% කට පානීය ජලය ලබාදීමට සැලසුම් සකස්කර අවසන් බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක‍්‍රියාත්මක කරන ලද කොරතොට ජල සම්පාදන  ව්‍යපෘතිය විවෘත කිරීමේ උත්සවයට සහභාගී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ පළමුවතාවට පුද්ගලික ක්‍ෂෙත‍්‍රයත් සමඟ ජල ව්‍යාපෘති ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා  එහි පළමු ව්‍යාපාතිය වැලිවිට ප‍්‍රදේශයෙන් ආරම්භ කිරීමට ප‍්‍රතිසම්පාදන ක‍්‍රියාවලිය කිරීම අවසන් කරමින් පවතින බව ද සඳහන් කළේය. මෙමගින් ජලය ඝණ මීටර් 90000 ක් පමණ පිරිපහදු කළ හැකිය. මෙවැනි අලුත් ව්‍යාපෘතිවලට අවතීරණ නොවී අලුත් ගමණක් යාමට නොහැකි බවත්  මෙවැනි ව්‍යාපෘති සඳහා ලබාගන්නා ණය ආපසු පියවීමට විදිමත් ක‍්‍රමවේදයක් සකස්කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.‍ෙ

පාරිභෝගිකයින්ට ලබා දෙන ජල ලීටර් 1000 ක් පිරිපහදු කිරීම සඳහා රුපියල් 48 ක් වැය වන නමුත් රුපියල් 12 ක් පමණක් අය කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියෙන් කොරතොට දේවාලය අසල සිට මහවෙල දක්වා- කඩුවෙල හෝමාගම මාර්ගය දෙපස, රාජසිංහ මාවත හා එහි අතුරු මාර්ග ආවරණව වන අතර දේශීය බැංකු අරමුදල් යටතේ රුපියල් මිලියන 154 ක වියදමින් බෙදාහැරීමේ නළ පද්ධතියේ දිග කිලෝමිටර් 7.6 ක් වන අතර මෙම ජල යෝජනා ක‍්‍රමයෙන් පවුල් 1500 කට පිරිසිදු පානීය නල ජල පහසුකම් ලැබේ.

මෙම අවස්ථාව සඳහා විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ කටයුතු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, සංවර්ධන උපාමාර්ග හා ජ්‍යාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ උප සභාපති සෆික් රජාබ්දීන්, හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News