අඹන්පොල පොලිස් වසමේ කළුවිලපතාන ප්‍රදේශයේ දී අද (23) උදෑසන 11.30ට පමණ බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්ව තිබේ.
ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බස් රථයක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පසුපසට ධාවනය කළ ලොරි රථයක පිටුපස ගැටී අසල පස් කණ්ඩියක ද ගැටී මාර්ගයේ පෙරළී ගොස් ඇත.
අනතුරින් බන්ධනාගාර බස් රථයේ රියදුරු ඇතුළු නිලධාරීන් තිදෙනෙකු හා සැකකරුවන් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රතිකාර සඳහා තුවාලකරුවන් ගල්ගමුව රෝහලට ඇතුළත් කර ඇත.
ලොරි රථය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.