කොරෝනා නිසා චීනයේ මියගිය ගණන 25 දක්වා ඉහළට

Share

මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මියගිය පිරිස 25දක්වා ඉහළ ගොස් තිබේ.

 

ලොව පුරා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 830ක් බවට තහවුරුවී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මේ අතර නව කොරෝනා වෛරස ආසාදිතයෙක් සිංගප්පූරුවෙන්ද හමුව තිබේ.

මේ අතර නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැත්වීමට සූදානම් කළ සියලු සංදර්ශන ආදිය අවලංගු කිරීමට ෂැන්හයි හා හොංකොං පරිපාලනය කටයුතු කළේය.

හුබෙයි ප්‍රාන්තයේ ප්‍රධාන නගරයක් වන වුහාන් නගරය නව කොරෝනා වෛරස ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූ නගරය ලෙස සැලකෙයි.

Read more

Local News