බස් රථයකට යට වී මව සහ දියණිය ජිවිතක්ෂයට

Share

කිතුල්ගල පොලිස් වසමේ ගෝනගමුව හංදිය ප්‍රදේශයේ දී අද (24) අලුයම මවක් සහ දියණියක් බස් රථයකට යට වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

බරපතළ තුවාල ලැබු මව හා දියණිය කරවනැල්ල හා දැලිගම ‍රෝහල් වෙත යවා ඇති අතර එහිදී මිය ගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු දියණිය හා වයස අවුරුදු 80 ක් වු මවකි.

මිය ගිය දෙදෙනා තවත් පිරිසක් සමඟ අනුරාධපුර ප්‍රදේශයේ වන්දනා ගමනක් යෑම සඳහා පුද්ගලික බස් රථයකින් පැමිණ ඇති බව පොලීසිය පැවසීය.

ගෝනගමුව ප්‍රදේශයේ දී එම බස් රථයෙන් බැස වෙනත් බස් රථයකට මාරු වීම සඳහා මාර්ගයේ ගමන් කිරීමේ දී ඔවුන් පැමිණි නවතා තිබු බස් රථය තිරිංග ක්‍රියා විරහිතව ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් මෙසේ අනතුරට පත්ව තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News