ලැව්ගිනි නිවීමේ ගුවන්යානාවක් අනතුරට – 3ක් මරුට

Share

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීම සඳහා සේවයේ යොදවා තිබූ ගුවන්යානාවක් අනතුරට පත්වීමෙන් එහි ගමන්ගත් තිදෙනෙක් මියගොස් තිබේ.

 

මේ අතර කැන්බරා අගනුවර සමීපයේ පැතිර යන ප්‍රබල ලැව්ගිනි තත්ත්වය සලකා කැන්බරා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාවකාලිකව වසාදැමීමටත් බලධාරීන්ට සිදුවුණි.

ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි නිවීමේ සේවයේ නිරතව සිටි ගුවන්යානාවක් අනතුරට පත්ව තිබේ.

ඉන් එහි සිටි අමෙරිකානු නේවාසිකයන් තිදෙනෙක් මියගොස් ඇති බවට වාර්තා වුණි.

ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසන්නේ, යානාව නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ හිම පිරි කදුකරයක් මතට කඩා වැටී ඇති බවයි.

එමෙන්ම එම කලාපයේ සක්‍රීය ලැව්ගිනි පවතින බැවින් යානාවේ සිටි සියලුදෙනාම මිය ගොස් ඇතැයි බලධාරීන් තහවුරු කරයි.

Read more

Local News