දුම්රිය දෙපාර්තමේන්තුවට අල්ලස් දෙන්න ගිය 2ක් අත්අඩංගුවට

Share

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිශන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ස්ථිර දුම්රිය මාර්ග අධීක්ෂණ කළමනාකරු විසින් සිදුකළ පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම්වල සිදුකළ අනවසර සංවර්ධන කටයුතු හා ඉදිකිරීම් සදහා නීති මඟින් කටයුතු නොකර සිටීමට අවශ්‍ය කටයුතු සලසාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් රුපියල් 40,000 ක අල්ලස් මුදලක් ලබා දීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

එම මුදල ලබාදීමේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් කඳුරුවෙල සහ තමන්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවයි අල්ලස් කොමිසම පැවසුවේ.

සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News