කොරෝනා වෙනුවෙන් ශ්‍රී ලංකන් පූර්ව ආරක්ෂක පියවර ගනී

Share

ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇති වන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

 

ගුවන් ගමන් අතරතුරදී මෙවන් තත්ත්වයක් වාර්තා වුවහොත් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ ගුවන් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව ද ශ්‍රී ලංකන් ගුවන් සමාගම පෙන්වා දෙයි.

මේ අතර චීනයෙන් හදුනාගත් මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේද සම්බන්ධයෙන් වෛරස් ව්‍යාප්තිය ආරම්භ වූ වුහෑන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

චීනයේ බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මෙම දැනුවත් කිරීම් සිදුකර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති වුහෑන් නගරයේ පිහිටි විශ්වෙවිද්‍යාලයක ශ්‍රී ලාංකික සිසුන් 30කට ආසන්න පිරිසක් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින බව වාර්තා වෙයි.

Read more

Local News