උමා ඔය ඉවත් කළ පවුල්වලට නිවාස කුලී තවදුරටත්

Share

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක් වීමෙන් සිය පදිංචි නිවාසවලින් ඉවත් කරන ලද පවුල් සඳහා ලබා දෙනු ලබන නිවාස කුලී දීමනාව ඉදිරි මාස 06 ක කාලයක් සඳහා තවදුරටත් ලබා දීමට රජය තීරණය කර ඇත.

මෙම ආපදා තත්ත්වය හේතුවෙන් සිය පදිංචි ස්ථානවලින් ඉවත් කරනු ලැබ ඇති පවුල් සඳහා දැනට ලබා දෙනු ලබන මාසික නිවාස කුලී දීමනාව තවත් මාස 06ක කාලසීමාවක් සඳහා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

Read more

Local News