ඉදිරි මාස දෙක ඇතුළත අත්සන් කරන ගිවිසුම්

Share

ඩොලර් බිලියනයක ආයෝජනයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ගිවිසුම් අත්සන් කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 

මහනුවර පැවැති සංවර්ධන වැඩසටහනකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විට සියලු කටයුතු කර ඇති බවත් තනි ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමේ වටපිටාවක් ද මේ වන විට ගොඩනැගී ඇති බවත් ඒ මහතා පැවසීය.

එනිසා මේ වන විට විශාල වශයෙන් ආයෝජකයින් මෙරටට පැමිණෙමින් තිබෙන බවයි ඒ මහතා කියා සිටියේ.

Read more

Local News