සියළු කෘෂි කර්මාන්ත දියුණු කරනවා – රමේෂ්

Share

කෘෂිකාර්මික පවුලකින්  පැවැත ගෙන එන කෙනෙක් හැටියට රබර් වලට සම්බන්ධ කර්මාන්ත ඇතුළු සියළු කෘෂි කර්මාන්ත දියුණු කරන්නට තමන්ගේ උපරිම ශක්තිය ලබා දෙන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අගලවත්ත රබර් පර්යේෂණායතනය නැරඹීම ගිය අවස්ථාවේදිය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාතථවරයා,

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේත් අභිලාශය පරිදි කෘෂි කර්මාන්තය රටේ ඉතාම දියුණු තත්ත්වයට පත් කරන්නට අපට වගකීමක් පැවරිලා තියෙනවා.

අද වන විට කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජනතාව ලක්ෂ 50කට අධික සංඛ්‍යාවක් ජීවත් වන බැවින්, මෙම ජනකොට්ඨාශයෙහි ජීවනාලිය ශක්තිමත් කරමින් රජයෙන් ලබාදෙන ශක්තිය උපරිමව ලබාදෙන්නට කටයුතු කරන බව මා අවධාරණයෙන් කියනවා.

මෙයින් දැනට රබර් සම්බන්ධ කර්මාන්තයේ නියැලී ජනතාව ලක්ෂ 04ක් පමණ සිටින බැවින් එම ජනකොට්ඨශය වඩාත් ශක්තිමත් කරන්නටත් රබර් නිෂ්පානය ඵලදායිතාවය වැඩිකිරීම, තරඟකාරී මිලක් ඇති කිරීම, සමගම ආනයනය අඩුකොට අපනයනය ඉහළ මට්ටමකට ගෙනඒම සඳහා විශාල වැඩ කොටසක් අප කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ සමගම රබර්ගස පෝෂණය කරමින් මෙම ක්ෂේත්‍රයට සම්බන්ධවූවන් ජාතික ධනය ඉපයීම සඳහා ලබාදෙන දායකත්වය ඉතා අගය කළයුතු වෙනවා. මේ නිසා තවදුරටත් ඔවු‍න්ගේ රැකියා සුරක්ෂිතභාවය සහ ජීවන මට්ටම ඉහළ දැමීමේ යහපත් වැඩපිළවෙලක් ඇති කරන්නට අපට වගකීමක් පැවැරී තියෙනවා.

අද බෞද්ධ කොඩියේ සිට සෑම සියළු දෙයම පිටරටින් ගෙන ඒම ක්‍රමාණුකූලව අඩුකර හැකි සෑම දෙයම රටේ නිෂ්පාදනය කිරීමටත් ආරක්ෂා කරන්නටත් අප ක්‍රියාකරන අතර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළ තත්ත්වයකට දියුණු කරන්නටත් පුළුවන් සෑම ශක්තියක්ම මා ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා.”

Read more

Local News