ඇමරිකාවේ ශ්‍රී ලංකා හිටපු තානාපතිට වරෙන්තු

Share

ඇමරිකාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා වහාම අත්අඩංගුවට ගැනීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (05) දිනයේ විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ තිස්දහසක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් අනුව ඇප මත නිදහස් කර තිබිණි.

Read more

Local News