වත්මන් අණ්ඩුව කිසිදු ප්‍රචාරක කටයුත්තක් කරන්නේ නෑ

Share

පෙර වැරදි තේරුම් ගෙන ජනතාවට සේවය කිරීමට අවශ්‍ය පසුබිම වත්මන් ජනාධිපතිවරයා උදා කර දී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

 

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා මෙසේ පැවසීය.

“එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලය තුළ නිවාස ඉදිකිරීම සඳහා වෙන් කළ මුදල් නොව නිවාස ඉදිකරනවා යැයි පවසමින් ප්‍රචාරණ කටයුතු සඳහා වෙන් කළ මුදල්වලින් වත්මන් ආණ්ඩුව විසින් නිවාස ඉදිකරනවා.

මෙයින් තේරුම් යන්නේ මුදල් වෙන්කළ ඇත්තේ නිවාස ඉදිකිරීමටද, ප්‍රචාරන කටයුතු කිරීමටද යන වගයි.

වර්තමාන අණ්ඩුව කිසිදු ප්‍රචාරන කටයුත්තක් නොකර මේ වන විට නිවාස ඉදිකරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩදුරටත් පැවසීය.

Read more

Local News