සයිබර් අවකාශය, පරිගණක සහ යෙදවුම් එක්ක වැඩුණු පරම්පරාව

Share

මිලේනියල්ස් කියා හඳුන්වන්නේ සාමාන්‍යයෙන් 1985-2000 වර්ෂ අතර උපන් අය වේ. දියුණු රටවලදී නම් එම කාල සීමාවේ ඉපදුණ අය හැදී වැඩෙන්නේ පරිගණක, ස්මාට්ෆෝන් සහ සයිබරය සමඟ මුසුවෙන වටපිටාවකය. මෙම යුගයේ පාසැල් අධ්‍යාපනය ලබන අයෙක් අනාගතයේදී පරිගණක, මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ලැප්ටොප් සහ ඉන්ටනෙට්වලට ආගන්තුකයෙකු වුණොත් ඔහු අනාගතයේදී අතරමං වෙනවා. එහෙත් අපේ රටේ තවමත් ටැබ්ලට් හරහා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැනි කාරණාවලදී පවා ඇතමුන් ගතානුගතික සාම්ප්‍රදායික රාමුවක සිටිනවා. තවත් අය දේශපාලන මතිමතාන්තරවල සිට නව තාක්ෂණය ප්‍රතික්ෂේප කිරීම් සිදුවෙනවා. එය කිසිසේත්ම හොඳ දෙයක් නම් නෙවෙයි.

සාම්ප්‍රදායික පොත් පත් මූලික වූ වටපිටාවක් තුළ හැදී වැඩුණ සමාජයට වඩා සයිබර් අවකාශය, පරිගණක සහ යෙදවුම් එක්ක වැඩුණු පරම්පරාවේ යම් වෙනස්කම් තිබෙනවා. ඔවුන් ආර්ථික, සමාජීය කාරණාවලදී වගේම ඔවුන්ගෙ පුද්ගලික සහ දේශපාලනික ක්‍රියාවලදීත් හැසිරෙන ආකාරය කලින් පරම්පරාවට වඩා බොහෝ වෙනස්.

Read more

Local News