ලෝක වෙළඳපොලේ පහළ යන ඉන්ධන මිලෙහි වාසිය මහජනතාවට

Share

ලෝක වෙළඳපොලේ පහළ යන ඉන්ධන මිලෙහි වාසිය මහජනතාවට ලබා දීමට ඉදිරියේ දී කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ගම්පහ ඊයේ (13) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්යකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළඳ පොළේ තෙල් මිලෙහි සුළු අඩු වීමක් ඇති බවයි.

ඉතා සුළු වශයෙන් මෙය සිදුව ඇති බවත් පැවසු අමාත්‍යවරයා, පසුගිය මාස කීපයේම රුපියල් 12 කින් වැඩි කිරීමට තිබුණ ද එසේ සිදු නොකළ බවත් පැවසීය.

යම් මට්ටමකට පැමිණියොත් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඒ මහතා ඒ සහනය ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් කියා සිටියේය.

පොදුජන පෙරමුණේ සහ ශ්‍රීලනිපය අතර ප්‍රශ්නයක් නොමැති බවත්, නායක මට්ටමේ කිසිදු අමනාපයක් නැති බවත් පැවසීය.

ජනපති හා අගමැති පිළිබඳ දැඩි විශ්වාසයක් ඇති බවත් ජනාධිපතිවරයාගේ රට හදන වැඩපිළිවෙල කඩාකප්පල් වෙන කිසිදු තීරණයක් නොගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News