බන්ධනාගාර තදබදය අවම කිරීමට කඩිනමින් වාර්තාවක් කැඳවයි

Share

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු යොදන්නැයි, අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

 

ඒ ඊයේ එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීයි.

රස පරික්ෂක වාර්තා කඩිනමින් ලබාදීමට බාධාවක්ව පවතින චක්‍රලේඛ සංශෝධනය කර හෝ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබේ.

එහිදී බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

හෙරොයින් වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පුනරුත්ථාපනය කිරීමට වෙන වෙනම කටයුතු කරන්නැයි ද අමාත්‍යවරයා එහිදී උපදෙස් දී තිබේ.

මේ අතර දරුණු ඝනයේ පාතාල සාමාජිකයින් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඔවුන්ට අදාළ නඩු කටයුතු සඳහා බන්ධනාගාරවලින් මාරු කිරීම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බව ද සාකච්ඡාවේදී හෙළි විය.

ඒ අනුව එම නඩුවලට අදාළ දින ලබාදීමේදී විනිශ්චකාරවරයකු බන්ධනාගාරයට ගොස් එම නඩු කටුයතු සිදු කිරීමටත් ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩුකරයන් සඳහා දින ලබාදීමත් ප්‍රායෝගික බව එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Read more

Local News