ලක්දිව ඉංජිනේරු සමාගම නවීකණය කළ බස් රථ ලංගමට භාර දෙයි

Share

ඒකල පිහිටි ලක්දිව ඉංජිනේරු සමාගම විසින් නවීකරණය කරල ලද බස් රථ 12ක් ලංගම වෙත භාරදීමට කටයුතු කර තිබේ.

 

මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුවිය.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් අබලි බස්රථ අලුත්වැඩියා කර ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීම මෙම සමාගම විසින් සිදුකරයි.

මේ හැර පුද්ගලික අංශයේ බස්රථ අලුත්වැඩියාව මෙන්ම දැනට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රු. ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව ලක්දිව ඉංජිනේරු සමාගමේ කාර්මික නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

එම කොන්ත්‍රාත්තුව මෙම දේශිය සමාගමට ලබාදීමට අමාත්‍යවරයා එකඟත්වය පළ කළේය.

දැනට ඉතා අවම වැටුපකට සේවය කරන එම සේවක මණ්ඩල වලට කැපවීමෙන් කටයුතු කර ලක්දිව ඉංජිනේරු සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කර දෙන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය. සමාගමට ලැබෙන ආදායමෙන් කොටසක් දිරිදීමනා වශයෙන් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.

Read more

Local News