කළු ගඟේ වතුර බොන්න එපා යැයි ජල සම්පාදනය දැනුම්දෙයි

Share

කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම ජලය පානය කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත.

 

අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර බවුසර් මඟින් ලබාදෙන ජලය පානය සඳහා භාවිත කරන ලෙසයි එම මණ්ඩලය පවසන්නේ.

වාද්දුව, කළුතර, බේරුවල, පයාගල, අළුත්ගම, බෝම්බුවල, පිලමිනාවත්ත සහ බෙන්තර යන ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපැවැත්වෙන බව සඳහන්.

පානය කිරීමට සුදුසු ජලය ජල බවුසර් මඟින් පොදු ස්ථාන සඳහා ලබා දීමට කටයුතු කර ඇති අතර ලවණ මුසු වීමේ තත්ත්වය පහව ගිය පසු ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

කෙසේවෙතත් කළු ගඟේ ජලය පානීය නොවන වෙනත් අවශ්‍යතාවන් සඳහා භාවිත කළ හැකි බව ද ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News