පොහොර ම්‍රෙටික් ටොන් 50000 අද සිට බෙදා හරියි

Share

ලංකා පොහොර සමාගම පවසන්නේ පොහොර හිඟයට පිළියමක් ලෙස මෙරටට ගෙන්වූ පොහොර ම්‍රෙටික් ටොන් 50000 අද (08) සිට බෙදා හරින බවයි.

 

අදාළ පොහොර සාම්පල රාසායානාගර තුනක් ඔස්සේ පරීක්ෂා කරන බවත් අද පෙරවරු 11.00 පමණ විට අදාළ වාර්තා ලැබෙන බවත් පැවසු ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වාර්තා ලැබුණු විගස ලොරි රථ හරහා රට පුරා ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාවලටත් පොහොර ගබඩා වලටත් පොහොර තොග යොමු කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද කියා සිටියේය.

පොහොර රැගෙන ඕමාන රාජ්‍යයේ නෞකාවක් මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති අතර ඉදිරි දෙසතිය තුළ තවත් පොහොර මෙට්‍රික් ටොන් 40000ක් රැගෙන පකිස්තාන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවද ලංකා පොහොර සමාගමේ සභාපති සඳහන් කළේය.

Read more

Local News