ගිහාන් පිලපිටිය අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

Share

නිසි අධිකරණය නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග කර තිබේ.

 

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ එච්.එම්. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරු ඉදිරියේ කැදවනු ලැබීය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසුව පෙත්සම සලකා බැලීම මාර්තු මස 12 වනදා සිදු කිරීමට අධිකරණය නියම කළේය.

එමෙන්ම අධිකරණ නියෝගයකින් තොරව පෙත්සම්කාර ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට නොගන්නා ලෙසද අධිකරණය විසින් නීතිපතිවරයාට නියම කළේය.

Read more

Local News