මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය

Share

මහ මැතිවරණය පවත්වා මාස දෙකක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බව අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

 

පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා වූ පනතක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

පළාත් සභා අක්‍රීය වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීම ගැටලුවක් වී ඇති අතර යළි පළාත් සභා බලගැන්වීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සිදුකළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News