කැබ් රථයකින් ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

මන්නාරම-කොළඹට කැබ් රථයක සඟවා කේරළ ගංජා කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 640ක් රැගෙන යමින් සිටි පුද්ගලයකු ඊයේ (24) රාත්‍රියේ මඩු කුංජිකුලම් මාර්ග බාධකයේදී අත්අඩංගුවටගත් බව මඩු පොලීසිය පවසයි.

 

සැකකටයුතු කැබ්රථයක් කුංජිකුලම් මාර්ග බාධකයේදී නවතා පරීක්ෂා කිරීමේදී රථයේ විවිධ ස්ථානවල සඟවා තිබූ කේරළ ගංජා තොගය හමුවී ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනාකමින් යුතු වන බවද පොලීසිය පැවසීය.

කැබ්රථයේ කැබිනය ගලවා සහ රියදුරු අසුන යට සූක්ෂම ලෙස සඟවා කේරළ ගංජා ප්‍රවාහනය කොට ඇති අතර, තවත් ගංජා කොටසක් කැබ්රථයේ එන්ජිම පවතින ස්ථානයේ සඟවා තිබූ බව පොලීසිය සඳහන් කළේය.

මන්නාරම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මෙම කේරළ ගංජා තොගය මිළදී ගෙන කොළඹට රැගෙනයන් බවට තොරතුරු අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු මන්නාරම අඩම්පන් පදිංචි අවුරුදු 42 පුද්ගලයකු වෙයි.

සැකකරු මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News