රටේ දරුවන් සම්බන්ධයෙන් මව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතුයි

වර්තමානයේ රටේ දරුවන් සම්බන්ධයෙන් මව්පියන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

ඔහු පෙන්වා දෙන්නේ වර්තමානයේ දී ඇතැම් නීති විරෝධී ක්‍රියාවන් සඳහා දරුවන් පොළඹවා ගැනීමට ඇතැමුන් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

පොළොන්නරුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, අද වනවිට සමාජය බොහෝ සෙයින් දූෂිත වී ඇති බවයි.

නීතිවිරෝධි දේ, මත්ද්‍රව්‍ය වැනි දේ වෙනුවෙන් දරුවන් බොහෝ විට යොදා ගන්නා බවත්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාසල් කීපයක දරුවන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගන්නා බවත් හිටපු ජනපතිවරයා පැවසීය.

එවැනි දරුවන් පසුව අත්අඩංගුවට ගැනීමට සිදුවු බවත්, ඡාවාරකම්කරුවන් විසින් දරුවන් රවටා ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම නගරයේ පමණක් නොව පොලොන්නරුව ප්‍රදේශයෙත් සිදු කරන බව ද මෛත්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේය.

ඒ නිසාවෙන් මේ ගැන දෙමාපියන් වැඩි සැලකිල්ලක් තම දරුවා පිළිබඳ දැක්විය යුතු බවත් පැවසු ඒ මහතා, මඟතොට දරුවා ඇසුරු කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැනුවත් විය යුතු බවත් පැවසීය.