ගුරුවරු හෙට සංකේත වර්ජනයක

Share

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් හෙට (26) දිනයේ එක්දින සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

 

අද (25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වසර ගණනාවක සිට පවතින මෙම වැටුප් ගැටළුවට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව ද කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මෙම වර්ජනය සඳහා ගුරු වෘත්තිය සමිති 30ක් සිය කැමැත්ත පලකර තිබේ.

Read more

Local News