වාලච්චේන, නාවල් අඩි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.
මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 28 හැවිරිදි වාලච්චේන, නාවල්අඩි ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක්.
වාලච්චේන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.




                                    