රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇති කරන්න සියලු පියවර ගත යුතුයි – ජනපති

Share

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා සියලු පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවේ අද (28) පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රජයේ ගිණුම් කාරක සභාව විසින් ක්‍රියාත්මක කරනු ලබන රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ වැඩසටහනට අදාළ සම්මාන ප්‍රදානය අද පාර්ලිමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්විය.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වු කථානායක කරූ ජයසූරිය මහතා පවසා සිටියේ, අද දිනයේ ජනාධිපතිවරයාගේ පැමිණීම කරුණු කීපයක් මත අගය කරන බවයි.

රාජ්‍ය තන්ත්‍රයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා ජනාධිපතිවරයා විශාල උනන්දුවකින් ක්‍රියා කරනු ඇතැයි ද පැවසු කරූ ජයසූරිය මහතා, වර්තමාන පාර්ලිමේන්තුව තුළින් එම කර්තවයට රට වෙනුවෙන් සහය දැක්වීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෙම අවස්ථාවේ දි අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ රාජ්‍ය සේවය, රටේ ජනතාව වෙනුවෙන් තිබෙන සේවයක් බවත්, එසේ නොමැති නම් එය රැකියා උත්පාදනය කරනු ලබන ස්ථානයක් නොවන බවයි.

ආදායම වැඩි කිරීම මෙන්ම නාස්තිය අවම කිරීම හා දුෂණය තුරන් කිරිම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහ නවීන තාක්ෂණය මත සිදු කළ හැකි වන බවත් පැවසු ජනාධිපතිවරයා, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ගත යුතු සෑම පියවරක්ම ගත යුතු බවත් පැවසීය.

Read more

Local News