වසර දෙකකට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවක්

Share

උතුරු – දකුණු කොරියා දේශ සීමා නගරයක් වන පැන්මුන්ජොම්හිදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අද (09) පැවැත්වේ. දෙරට අතර සාකච්ඡා පැවැත්වෙන්නේ වසර දෙකකට පසුවය.

ලබන මස දකුණු කොරියාවේ ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු කණ්ඩායමක් සහභාගී කරවීම පිළිබඳ එහිදී සාකච්ජා පැවැත්වෙනු ඇතැයි විදසේ මාධ්‍ය වාර්තා කර ඇත.

මේ සඳහා පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු කොරියාවට යැවීමට තීරණය කර තිබේ.

Read more

Local News