VMware මෙරට ඩිජි­ට­ල්ක­ර­ණය හා ක්ලවුඩ් තාක්ෂණ භාවි­තය වේගවත් කරයි

Share

ක්ලවුඩ් යටිතල ව්‍යුහයන් සහ ව්‍යාපාර ජංගමතාව සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන VMware Inc. (NYSE:VMW) සමාගම මේ වන විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවලට දත්ත මධ්‍යස්ථාන නවීකරණය කිරීම, ඩිජිටල්කරණය බලගැන්වීම, පොදු ක්ලවුඞ් සේවාවන් භාවිතා කිරීම සහ තොරතුරු ආරක්ෂක ක්‍රමවේද දැඩි කිරීම යනාදිය සඳහා විසඳුම් සපයමින් සිටී. VMware තාක්ෂණය සමඟින් ශ්‍රී ලාංකික සමාගම්වලට නව වළෙඳ පොළ කරා පිවිසීම, නව විසඳුම් හා යෙදුම් නිර්මාණය සහ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීම වැනි ක්‍රමවේද ඔස්සේ තම ව්‍යාපාර කටයුතු වැඩිදියුණු කිරීමේ අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකාවේ තාක්ෂණික අංශය පසුගිය වසර කිහිපය තුළ පැහැදිලි ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති අතර, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය රටේ 5 වැනි විශාලතම ආදායම් ලබන ක්ෂේත්‍රය බවට පත්වී ඇත. 2022 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 4 ක පමණ අදායමක් ලබනු ඇතැයි විශ්වාස කෙරෙන මේ ක්ෂේත්‍රය මේ වන විට බුද්ධිමය දේපළ සංවර්ධනය හා මෘදුකාංග තාක්ෂණය කෙරෙහි දැඩි අවධානයක් යොමුකර ඇති අතර, මේ ඔස්සේ නව ව්‍යාපාර 1,000 ක් සහ රැකියා අවස්ථා 20,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ‘නව නිෂ්පාදන සහ අගය එකතු කළ සේවාවන් හඳුන්වා දෙමින් තරගකාරීත්වය මැද ඉදිරියට ඒම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මේ වනවිට ඩිජිටල් තාක්ෂණය වෙත පරිවර්තනය වෙමින් සිටිනවා. පාරිභෝගිකයන්ට මෙන්ම ව්‍යාපාරයටද ප්‍රතිලාභ සලසන තොරතුරු තාක්ෂණික විසඳුම් ක්‍රමෝපායික ලෙස භාවිතා කිරීම මගින් ව්‍යාපාරයන්ට වඩාත් නම්‍යශීලී සහ කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට පුළුවන්. මෙම පරිවර්තනයේ දී මෙරට ව්‍යාපාර සමග අත්වැල් බැඳගනිමින් වත්මන් ඩිජිටල් යුගයේ දී ඔවුන් සතු හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා VMware සමාගම සූදානමින් සිටිනවා.’ VMware සමාගමේ සාමාන්‍යාධිකාරී (නව වෙළෙඳ පොළ හා වියට්නාමය) ඒඩ්රියන් හියා මහතා පැවැසීය.

Read more

Local News