Home දේශීය පුවත් කොවිඩ් නයින්ටීන් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

කොවිඩ් නයින්ටීන් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

0
කොවිඩ් නයින්ටීන් මාධ්‍ය මධ්‍යස්ථානයක් ස්ථාපිත කරයි

කොවිඩ් 19- නව කොරෝනා වෛරසය මෙරට තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන විශේෂයෙන්ම ආසාදනය වූ ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු හමුවීමත් සමග ඒ පිලිබදව රජය දැඩි අවධානය සිදු කර තිබේ.

 

එබැවින් නිල හා තහවුරු කළ ප්‍රවෘත්ති පමණක් පිළිගෙන ඒ අනුව කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සෞඛය සේවා ප්‍රවර්ධන කාර්යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිල නිවේදන හරහා මහජනතාව දැනුවත් කරන බවයි.

යම් ස්ථානවල කොරොනා අසාධිත රෝගීන් සිටින බවට ගෙන යනු ලබන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් එවැනි රෝගියෙකු පිළිබඳ තහවුරු වුවහොත් රජය නිල වශයෙන් මහජනතාව දැනුවත් කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ වන විට කොවිඩ් නයින්ටීන් මාධ්‍ය මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇති අතර කොරෝනා තත්වය පිළිබඳ තොරතුරු දැනගැනීමට පැය 24 පුරා ඇමතිය හැකි දුරකථන අංක දෙකක් හදුන්වා දී තිබේ.

ඒ අනුව 071 – 010 7107 හෝ 011 – 3 071073 යන අංකවලට ඇමතිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here