අගමැති ප්‍රධානත්වයෙන් එජාපෙ ප්‍රථම රැලිය 18දා

Share

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රචාරක රැළිය පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 18 වැනිදා ඓතිහාසික මහනුවර නගරයේදී පැවැත්වේ.

මහනුවර නගරයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ දිස්ත්‍රික් 25යේ පැවැත්වෙන ප්‍රචාරක රැළි ඇමතීමට නියමිතය.

අගමැතිවරයා සහභාගි වන ප්‍රචාරක රැළිවලට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, ඇමැති කබීර් හෂිම් මහතා දිස්ත්‍රික් සම්මන්ත්‍රණ 25 ක් ඇමතීමට නියමිතය.

Read more

Local News