ලොව පුරා කොරෝනා මරණ 13000 ඉක්මවයි

ලොවපුරා කොරෝනා අසාදනයෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 13,050 ක් දක්වා ඉහළගොස් ඇති අතර මුළු ආසාදිතයින් සංඛ්‍යාව 306,892 කට අධිකයි.

මෙම වෛරසයෙන් පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 94,798කි.

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188ක ව්‍යාප්ත වී තිබේ.

මේ වනවිට ලෝකයේ සිදුව ඇති කොරෝනා මරණවලින් වැඩිම සංඛ්‍යාවක් සිදුව ඇති රට බවට පත්ව සිටින්නේ ඉතාලියයි.