විශ්වවිද්‍යාලවල සිසුන්ගේ ඊ-ඉගෙනුම් සඳහා අන්තර්ජාල පහසුකම් නොමිලේ

Share

රජයේ විශ්වවිද්‍යාලවල ඊ-ඉගෙනුම් (e- learning) ක්‍රමය යටතේ ලියාපදිංචිව ඇති සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී තිබේ.

 

අදාළ සිසුන්ගේ තොරතුරු විශ්වවිද්‍යාල පරිපාලනය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් විදුලි සංදේශ නියාමන කොමිසමට යොමු කර ඇත.

පවතින තත්ත්වය සමනයට පත්වන තෙක් පමණක් අන්තර්ජාල පහසුකම් සැපයීම නොමිලේ සිදු කෙරෙන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Read more

Local News