COVID-19 අරමුදලට රුපියල් මිලියන 2.5ක පරිත්‍යාගයක්

Share

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් රුපියල් මිලියන 2.5ක මුදලක් පරිත්‍යාග කර තිබේ.

 

‍එම සංගමයේ සභාපති ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ජනාධිපතිවරයා මෙම ‍මුදල පරිත්‍යාග කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජ‍යේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම සංගමය පෙන්වා දෙන්නේ රට මුහුණ පා සිටින හදිසි තත්ත්වය හමුවේ ආපදාවට ලක්ව සිටින ජනතාව වෙත සහන සැලසීම සම්බන්ධයෙන් මෙවැනි අරමුදලක් පිහිටු වීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බවයි.

ජනාධිපතිවරයා විසින් ගෙන යන ලබන ‍මෙම වැඩපිලිවෙල සාර්ථක කර ගැනීමට උපරිම සහයෝගය ලබා දෙන බවත් එම සංගමය සඳහන් කරයි.

මෙම ආපදා තත්ත්වය හමුවේ ප්‍රාදේශීය වශයෙන් ජනතා අත්‍යාවශතාවයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගම‍ය විසින් මේ වන විට ද දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ සා‍කච්ඡා කර තිබේ.

ඒ අනුව එම අවශ්‍යතා වෙනුවෙන් දායකත්වය ලබා දීම සඳහා මෙම සංගමයේ සියලුම සමාජිකයින්ගේ දායකත්වයෙන් අරමුදලක් ද පිහිටුවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

එම අරමුදල මඟින් ජනතාව වෙත අත්‍යාවශ්‍ය සහන සැලසීම සඳහා කොළඹ, ගම්පහ, කළුතර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත රුපියල් 750000 ක් ලබා දීමට කටයුතු සිදු කරමින් පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News