ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය වැඩ අරඹයි

Share

කොරෝනා වෛරසය මඟින් අවදානමට ලක්වී ඇති දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සමස්ථ ජන ජීවිතය යථා පරිදි  පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම් කටයුතු වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකාය මේ වන විට වැඩ කටයුතු ආරම්භ කර ඇත.

 

අග්‍රාමාත්‍යවරයාගේ පූර්ණ අධික්ෂණය යටතේ මෙම කාර්ය සාධක බලකායේ මෙහෙයුම් කටයුතු අරලියගහ මන්දිරයේදි සිදු කෙරෙන අතර එහි මෙහෙයුම් සහ අධිකෂණ කටයුතු හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වේ.

• විදුලිබලය ,ජල සම්පාදනය,කසළ කළමණාකරණය

• ඉන්ධන හා ගෑස් සැපයීම

• මගී ප්‍රවාහනය කටයුතු සම්න්ධීකරණය හා කළමණාකරණය,

• අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ සැපීයම,බෙදා හැරීම හා මිල පාලනය සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් පරිපාලන කටයුතු සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ග්‍රාමීය ආර්ථිකය පවත්වාගෙන යාම සම්න්ධීකරණය හා කළමණාකරණය,

• ජාතික ආර්ථිකය පවත්වාගෙන යාම සම්න්ධීකරණය හා කළමණාකරණය ,
යන ප්‍රධාන ක්ෂේත්‍ර  යටතේ මෙම කාර්ය සාධක බලකායේ කටයුතු සිදු කෙරේ.

ආහාර ,ජලය,විදුලිය,දෛනික වැටුප් ලබන්නන්ගේ ගැටළු,ධීවර,අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවාහන කටයුතු ,කෘෂිකර්ම යන ක්ෂේත්‍ර වලට අදාළ නිලධාරින් සමඟ අද (26)දිනයේ පැවති සාකච්ඡා වලදී  අත්‍යාවශ්‍ය මහජන සේවාවන් සැපයීම  ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා බලපාන  තීරණ රැසක් ගනු ලැබිණි.

Read more

Local News