ඔලිම්පික් 2021ට – දින නියම කරයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වසරකින් කල් දැමු 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දින නියම කර තිබේ.

 

ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි 23 වනදා ආරම්භ කර අගොස්තු මස 08 වනදා අවසන් කිරිමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත.

ජපානයේ ටෝකියෝ නුවර ආරම්භ වීමට නියමිතව තිබු ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමේ තිරණයට ජපාන අග්‍රාමාත්‍යවරයා සහ ඔලිම්පික් කමිටුව අතර එකඟතාවය පළ වීය.

ලබන ජුලී මාසයේ ආරම්භ වීමට තිබු මෙම තරගාවලිය වසරකින් කල් දැමීමටයි තීරණය වී තිබුණි.

Read more

Local News