ලොවටම අභියෝගයක් වූ කොවිඩ් නයින්ටීන් වෛරසය පිළිබඳ සමීපව අධ්‍යයනය කරන ආයතනයක් අමෙරිකාවේ ජෝන්ස් හොප්කිංග්ස් විශ්විද්‍යාලය.
එම විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ, ලබන සතිය වන විට ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 244 දෙනෙකු පමණ රෝගී ලැයිස්තුවට එක්විය හැකි බවයි.
කෙසේ වෙතත් දැනට ක්‍රියාත්මක රෝග ව්‍යාප්තිය වැලැක්වීමේ ක්‍රම සහ විදි යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව වෛරසය පැතිරීම පිළිබඳ විශ්ලේෂණයේ නිරත වෛද්‍යවරුන් පවසයි.
ශ්‍රී ලංකාවේ කොවිඩ් නයින්ටීන් පැතිරෙන රටාව සිදුවන්නේ ලොව සෙසු රටවල් හා සාමානව ද?
අප ඒ පිළිබඳව විශ්ලේෂනයක් සිදු කරනු ලැබීය.
ඊට අනුව ශ්‍රී ලංකාවේ වෛරසය පැතිරීම පළමු දින 20 තුළ අමෙරිකාව සහ එක්සත් රාජධානිය අභිබවා ගොස් තිබේ.
අපගේ පළමු දින 20 ගෙවී යන විට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 150 කට ආසන්න වෙයි.
එහෙත් මේ වන විට ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවා ඇති අමෙරිකා එක්සත් ජනපදයෙන් පළමු දින 20 තුළ වාර්තා වන්නේ, රෝගින් 11 ක් පමණයි.
මෙයට අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසා සිටියේ, ඒ රටවලට වඩා ලංකාව ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.
නමුත් හඳුනා නොගත් කොරෝනා රෝගීන් මේ වන විටත් සමාජයේ සිටිය හැකි බැවින් මෙම තත්ත්වය මීට වඩා ඉදිරියේ දී වෙනස් විය හැකි බවත් වෛද්‍යවරයා පවසයි.
අද වන විට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තාවු ඉතාලියෙන් 9 වැනි දිනයේදි වාර්තා වු රෝගින් ගණන 157ක්.
රෝගින් 3858 දෙනකු ඔවුන්ගේ 20 වැනි දිනය වන විට වාර්තා විය.
මේ අතර එක්සත් රජධානියෙන් පළමු රෝගියා වාර්තා වු දිනයේ සිට 20 වැනි දිනය වන විටත් වාර්තා වි සිටි රෝගින් ගණන 9 ක්.
63 වැනි දිනය වන අද දිනයේදි එක්සත් රාජධානියෙන් විසි නව දහස ඉක්මවා රෝගින් වාර්තා විය.
මෙයට අදහස් දැක්වු වෛද්‍යවරයා පවසා සිටියේ ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ධාරිතාවයක් ඇති බවත් එක සීමාවකට ගිය පසුව එය දරා ගත නොහැකි තත්ත්වයකට එළඹිය හැකි බවත්ය.
මෙවන් පසුබිමක පළමු ආසාදිතයා වාර්තා වි තුන්වන සතිය ගතවන ශ්‍රි ලංකාවට ඉදිරියේදි කුමන තත්ත්වයකට මුහුණ දිමට සිදු වන්නේ?
ආරම්භයේදී වෛරසය ආසාදනය වූ සහ ආසාදිතයින් ඇසුරු කළ පිරිස් සොයාගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වූ බුද්ධි අංශවලට හැකි විය.
කෙසේ වෙතත්, ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළයාමත් සමග ඇතිවන අභියෝගය ජයගැනීමට අපට හැකි වේද?
ඒ සඳහා ප්‍රමාණවත් නිලධාරීන් අප සතුව සිටී ද?
මෙයට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ, ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කර අද දක්වා කිසිවෙකු නිකන් සිට නොමැති බවයි.
ජනාධිපතිවරයා විසින් විශාල කටයුත්තක් කර ඇති බවත් අභියෝගය එන නොසිට එයට සුදානම් වු බවත් යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.
ලංකාව සැලසුම් සහගත ලෙස මෙයට සුදානම් වු බවත් පැවසු හමුදාපතිවරයා ඒ නිසාවෙන් අදටත් ලංකාව ඉදිරියෙන් සිටින බවත් කියා සිටියේය.