විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලයි

Share

විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාසය වනවිට අඛණ්ඩව විදුලිය සැපයීම පිළිබඳව අභියෝග අැති විය හැකි නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි.

මාර්තු මාසයේදී වියළි කාලගුණයක් අැති වුවහොත් ජල විදුලි නිෂ්පාදනය අඩු වී යා හැකි නිසා මෙගාවොට් 100ක විදුලි ධාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් තිබෙන බවත්, මීට අමතරව අප්‍රේල් මාසයේදී නොරොච්චොලේ බලාගාරයේ ඒක් යන්ත්‍රයක් නඩත්තු කටයුතු සඳහා නතර කිරීමට සිදුවන බවද පවසයි.

Read more

Local News