මැතිවරණය පැවැත්වීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න – මැතිවරණ කොමිසම දැනුම් දෙයි

Share

රටේ පවතින තත්ත්වය තුළ ව්‍යවස්ථාව ප්‍රකාරව මහ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් මතු වී ඇති බැවින් එය විසඳා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජාතික මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

කොමිෂන් සභාව මේ බව දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය කොඩිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමීමට පියවර ගැනුණි.

පවතින තත්ත්වය මත මහ මැතිවරණය පැවැත්වීමේ ගැටළුවක් උද්ගතව ඇති බැවින් මැතිවරණය පැවැත්විය හැකි දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read more

Local News