මත්පැන් බෝතල් 50 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

පානදුර පොලිස් වසමේ දික්බැද්ද, බතලකොටුව ප්‍රදේශයේ දී මත්පැන් බෝතල් 50 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පානදුර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (02) රාත්‍රී 7.55 ට පමණ මෙම වැටලීම සිදුකර ඇත.

නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගත් ගෝඩා මිලි ලීටර් 1870000 ක් මෙලෙස සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 31 ක් වු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

අද (03) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමට නියමිත අතර පානදුර දකුණ ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

Read more

Local News