මනස්කාන්ත “ජේජු දූපත”

Share

දකුණු කොරියානු අර්ධද්වීපයට අයත් “ජේජු දූපත”, සංචාරක ආකර්ෂණය දිනාගත් මනස්කාන්ත දූපතකි. ගිනි කන්දක් පුපුරා යාමෙන් සිදු වූ භූගෝලීය වෙනස්කමක් ලෙස නිර්මාණය වූ දූපතක් සේ සැලකෙන මෙහි දිගු වෙරළ තීරය, අළු පැහැ සිදුරු සහිත ලාවාවලින් නිර්මිත ගල්, මල් උයන්, මෙන් ම සොඳුරු වනගහනයෙන් ද යුක්ත නිසා අති සුන්දර ය.

ජේජු දූපතෙහි සුන්දර දිය ඇලි තුනක් දක්නට ලැබේ. මෙහි විශේෂත්වය වන්නේ, කෙළින්ම මුහුදු ජලය වෙත ඇද හැලෙන දකුණු ආසියාවේ එක ම දිය ඇල්ල මෙය වීම ය. උසින් මීටර් 75ක් පමණ වන ජොන්ග්බන් දිය ඇල්ලෙහි පළල, වර්ෂාපතනය අනුව වෙනස් වේ. වැඩි වර්ෂාපතයක් පවතින කාලවලදී මෙහි පළල මීටර් 8ක් පමණ වේ.

 

Read more

Local News