අද සහ හෙට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි

Share

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද(05) සහ හෙට(06) යන දෙදින තුළ වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

 

දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් මත නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සිසිර විතානගේ මහතාගේ අත්සනින් යුතු ලිපියක් එම මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති අතර ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කළ බවයි වෙළෙඳ සංගමයේ සභාපති චන්න ඇරැව්වල මහතා සඳහන් කළේය.

ඇදිරි නීතිය ඉවත් කෙරෙන ලබන 6 වනදා සහ ඊට පෙර දින අතිවිශාල ජනතාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළු වීමත් සමඟ වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී තිබේ.

මේ අතර ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග අලෙවි කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වෙළඳ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බව සදහන්ය.

Read more

Local News