සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අද කොළඹ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වෙත

Share

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් සමාගම සමග සිදුකරන සියත ලෙන්ගතුකම වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා.

 

එහි පලමු අදියර ලෙස ඊයේ පෙරවරුවේ මහනුවර ඓෙතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයේදී ආරම්භ වුණා.

අනතුරුව අස්ගිරි මහා විහාරස්ථානට වියළි ආහාර ලබා දෙනු ලැබු අතර එහිදී මහනුවර දිස්ත‍්‍රික්කයේ පිරිවෙන් වල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වියළි ආහාර ලබාදීම සිදුකෙරුණා.

මේ සදහා මල්වතු පාර්ශවේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහා පිරිවෙන් පරිවේනාධිපති පුජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමියන් එක්ව සිටියා.

එමෙන්ම මහනුවර දිස්ත‍්‍රික්කයේ ලේකම් තිස්ස කරුණාරත්න මහතා ද, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප‍්‍රියන්ත කාරියප්පෙරුම මහතාද මෙම අවස්ථාවට එක්වුණා.

සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අද දින හෝමාගම පුරාණ රජ මහා විහාරය, අතුරුගිරිය පෝරේ පුරාණ විහාරය, රුක්මල්ගම ධර්මවිජය ආශ්‍රමය කේන්ද්‍ර කර ගනිමින් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම සිදු කළා.

 

Read more

Local News