අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදි ඇතිවන අපහසුතා ගැන ජනපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානයට කියන්න

Share

අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇති අත්‍යවශ්‍ය සේවා ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය දවස පුරා ක්‍රියාත්මකයි.

 

මෙම මෙහෙයුම් මධ්‍යස්ථානය පසුගිය 03.28 වන දින ස්ථාපිත කරනු ලැබූ අතර එමඟින් මහජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදි සම්බන්ධීකරණ කටයුතු සහ පසුවිපරම් කටයුතු ද සිදු කරනු ලබයි.

තම ප්‍රදේශ වල අත්‍යාවශ්‍ය සේවාවන් සැපයීමේදි යම් දුෂ්කරතාවයන්, අපහසුතාවයන් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ පමණක් පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කරන ලෙස නැවත වතාවක් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කර තිබේ.

සෘජු දුරකතන අංකය – 0113456200

ෆැක්ස් අංක – 0112333066
0114354882

ඊමේල් ලිපිනය – ptf@pmoffice.gov.lk

Read more

Local News